Sunday, October 28, 2012

මගේ පුංචි රෝස මල

තවත් මලකට කෙසේ පියඹන්නද
වසා සිටි මලේ රොන් සුවඳ අමතක කොට,
වසා සිටියත්, රොන් රසය වින්දත් කාලයක් පුරාවට
ලොවට හොරෙන්,

හැර යන විට සෝ සුසුම් මැද
බලා අන් බඹරෙකු රොන් උරනවා
තැවෙමි ගිනිගෙන දැවෙන හැදින් යුතුව

කටු ඉත්තක් මතින් පැමිණියෙමි
එමල සිපගනු පිණිස
නමුදු සිපගන්නට වරම් නොලැබුවෙමි
එමල පිපෙනවා දැක දැක

දනිමි මා එනතුරු ඔබ බලා සිටින බව
දුටිමි පෙති විහිද පිපුණු අපුරුව
දැනුනි ඔබ වෙතින් හමු ඒ රොන් සුවඳ
සිහිකරමි පෙමින් වේලි සිටි ඒ සොඳුරු අතීතය

කාලය ගතවේවි නොසිතු තරම් සෙමින්
සොයමු පැනයට ආදරණීය පිළිතුරක්
කවදා හෝ ලැබේවි ඒ පිළිතුර
කවදාද එන්නේ ඒ සොඳුරු දවස

ජීවිතය ගෙවේවි අඩුවක් ඇතිව
ඒ නම්,
සැමදා මා පැතූ ඔබේ නිර්මල ආදරයයි

2 comments:

  1. api hithan inna api asakarana de hamadama labenne na...samahara dewal api asawen hitiyata ewa apita hambenne nane chuty putha..mmmmm that is what we called life.we have to deal with it.we have to be happy with what we have now.it is not worth of thinking the past.because it has gone now.if we did not move from that past we wil be stuck in that past forver. but if we move on we can enjoy our future. That's what i think. lassna nisadesak :)

    ReplyDelete
  2. දුක සතුට මේ හැමදෙයක්ම ජිවිතේ උරුම කරගත්ත දේවල්.අපිට කියලා ජිවිතයක් හොයන එක පැත්තකට කරලා අනිත් අය වෙනුවෙන් ජීවත් වෙනවා මිස වෙන කරන්න දෙයක් නැති තරමට අපි අසරණයි.ගතින් විතරක් ජිවත් උනත් අපිට හිමි නොවුනු දේවල් වෙනුවෙන් හිත හැමදාමත් හඬා වැටේවි

    ReplyDelete