Tuesday, September 25, 2012

පරම්පරා


අද කියන්න යන්නේ පරම්පරා ගැනයි. හෑ මොකක්ඔව් ඔව් පරම්පරා ගැන. අපේ සීයල ආච්චිලා ටිකෙන් ටික මේ ලෝකේ දාල යනවා. අම්මල තාත්තලආච්චිලා සීයල වෙනවා. අපේ පරම්පරාව අම්මල තාත්තල වෙනවා. ඔන්න ඔය විදිහට ඉතිං ලෝකේ ගලාගෙන යනවා.
මම අද කල්පනා කරන්නේ පරම්පරාවක් තවත් අනුයාත පරම්පරාවක් දකින විදිහ ගැනයි. මේ ලිපියමගේ පරම්පරාවෙන් මට කලින් පරම්පරාවට ගහන පොඩි කින්ඩියක් වෙන්නත් පුළුවන්. කොරන්න දෙයක් නෑචූටි පුතාට හිතෙන දේ නේ. කතාවට බහිමු,
ලොකු දෝෂාරෝපණයක් තියනවනේ අලුත් පරම්පරාව කලිසම අඳින්නේ ඉනෙන් පහලට වෙන්න කියල. ඔව්ඇත්ත තමා. මීට අවුරුදු හත අටකට කලින් ලංකාවට ආපු ස්ටයිල් එකක්. හැබැයි ඉතින් මම අද වෙනතුරු දැකල නෑ එහෙම ඇන්ද කියල කොල්ලෙක් පස්සපැත්ත එළියේ දාගෙන යනවා. මට ප්‍රශ්නේ තියෙන්නේ ඔතන නෙමෙයි. මේකට දෝෂාරෝපණය කරන පරම්පරාව ගැන. මොකද ඒගොල්ලන්ටත් කලින් පරම්පරාව ඇන්දේ සරමයි කමිසයයි. මම අහන්නේ සරල ප්‍රශ්නයක් විතරයි. ඒ ගොල්ලන්ට ඇඳුම සම්පුර්නෙන් වෙනස් කරන්න හොඳයිඅපි ඇඳුම වෙනස් නොකර පොඩ්ඩක් පහලින් ඇන්දම තමා අවුල්. ඒත් මේ ස්ටයිල් එකේ මුලාරම්භය ගැන හිතනකොටනම් මටත් ටිකක් අවුල්. ඇඳුම් පරම්පරාවක බාහිර ස්වරුපය හොඳින් විස්තර කරන හින්ද ඕක ගැන කියන්න හිතුවේ. පහලින් ලියල තියන ඒවා හිතුනේ ඔන්න ඔය කාරනේ නිසා.
අලුත් පරම්පරාව හොඳටම බැනුම් අහන තවත් තැනක් තමා කලාව. ඔව්මමත් පිලිගන්නවා සමස්ථයක් විදිහට ගත්තම ගීත වලනාට්‍ය වලවගේම චිත්‍රපටි වලත් ගුණාත්මක බව අඩුවෙලා තියනවා. ඔය කලින් පරම්පරාවේ කට්ටියගේ හොඳ චිත්‍රපටි ගොඩක් තිබ්බා. හැබැයි ඉතින් හද්දා චොර බලන්ඩ ලජ්ජා හිතෙන චිත්‍රපටිත් ඕනේ තරම් හොයාගන්න පුළුවන්. එහෙව් එකේ මේ පරම්පරාවට විතරක් බනින එක හරි නෑ නේදනිළි රැජිණ අත්ත්ටටම නිළි රැජිණක්ද කියලත් මට වෙලාවකට හිතෙනවා. මොකද ඔය නිළි රැජිණගෙත් මම කලින් කිව්වා ජාතියේ ගොන් පාට් ෆිල්ම් එමට තියනවා. එතකොට ස්වර්ණා මල්ලවආරච්චිලා කවුදවැරදියට තේරුම් ගන්න එපානිළි රැජිණට රඟපාන්න බෑ කියල එහෙම නෙමෙයි මම කිව්වේ.
මම දන්නා විදිහට ඔය කලින් පරම්පරාවෙ කට්ට්ටිය අමරදේවවික්ටර් රත්නායක මහත්වරුන්ටනන්දා මාලිනි මහත්මියට ගොඩක් ගරු කරනවා. අලුත් පරම්පරාවත් එහෙමයි. එකේ මට කිසි ගැටළුවක් නෑ. නමුත් ඉතිං ඒ කාලේ හුඟක් කැපිලි වලට ලක්වෙච්චි ගායකයෙක් තම ජෝතිපාල මහත්මයා. ගහන්න පුළුවන් හොඳම මඩ වලින් මේ ගයකයට ගැහුවා. රියැලිටි තරඟ වලදී ජෝතිපාලගේ හුඟක් ගීත ගයනා කෙරුනා. අන්න එතකොට නම් ඔය පරම්පරාවට ජෝතිපාල වටිනා මනුස්සයෙක් උනා. ප්‍රියා සූරියසේනට වුනු දේ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.
කසුන් කල්හාරභාතියසන්තුෂ්රොමේෂ් සුගතපාලඉන්දිකා උපමාලි වගේ අයගේ එක සින්දුවක් ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රචාරය වුනු දවසක් මට කියනවදමෙයාලගේ සිංදු හැම එකක්ම හොඳ නෑ තමා. එත් ඉතින් හොඳ සිංදු තියනවනේ. ඇයි අලුත් පරම්පරාවේ හොඳ දේවල් වලට තැන දෙන්නේ නැත්තේඅඩුගානේ දීපිකා ප්‍රියදර්ශනී මහත්මියගේ සින්දුවක්වත් ඕකේ යන්නේ නැනේ. හැමදාම හද්ද පරණ ග්‍රැමෆෝන් සින්දු ටික.
දැන් ඉන්න පරම්පරාවට ගීත වලින් සාහිත්‍ය රසයක් ගන්න නොතේරෙනවානම් ඇයි වික්ටර් රත්නායක මහත්මයාගේ "ස" ප්‍රසංගයට ඒ වගේම නන්දා මාලිනි මහත්මියගේ "ශ්වේත රාත්‍රිය" දවස්වලට ඒ ශාලා කොල්ලන්ගෙන් කෙල්ලන්ගෙන් පිරී ඉතිරිලා යන්නේඅතිශය පැහැදිළියිකිසිම විවාදයක් නෑ. එතන බහුතරය තරුණ පරම්පරාව. ඔය ටෝක් දෙන කලින් පරම්පරාවෙන් බහුතරය දැන් ඕව බලන්න එන්නේ නෑ. කලින් බලල තියන හින්ද වෙන්න ඇති.
අනිත් එක කලින් පරම්පරාව තේරුම් ගතයුතු දෙයක් තමා හොඳ නිර්මාණ මෙන්ම ගුණාත්මක බවෙන් අඩු නිර්මාණ වලටත් දැන් සමාජගතවෙන්න ඉස්සර වගේ අපහසුවක් නෑ කියන එක. තාක්‍ෂණය ගොඩක් දියුණු නිසා ඕනෙම දේකට මිනිස්සු අතරට යන්න පුළුවන් ලේසියෙන්ම. රැඟුම් පාලක මණ්ඩලේට මොන උනාද කියලනම් චුටි පුතා දන්නේ නෑ.
දවසක් අපේ මාම කෙනෙක් කියනවා "දැං ඉතින් තියෙන්නේ මල් සින්දු විතරනේළමයිනේ උඹල දන්නවද? ඔය ඔබ ඇපල් මලක් වගේ කිව්වටඇපල් මල හෙන කැතයිලු බොලව්". මට නම් ඒ සිංදුවෙන් තේරෙන්නේ එහෙම දෙයක් නෙමෙයි.
"ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේමට හදිස්සියෙන් වාගේ හමු වූ"
උඹලටත් තේරෙනවා ඇති මේකේ කියන්නේ කෙල්ල ඇපල් මලක් වගේ කියන එක නොවන විත්තිය. අනික ඇපල් මලක් සිංදුව ආවෙ ඔය මල් සිංදු සෙට් එක එන්න ගොඩක් කාලෙකට කලිං. ජොලිම වැඩේ තමා ඇපල් මල කැත නෑ බං. ඕනෙ නම් ගූගල් දෙයියගෙන් අහල බලන්න.


Thursday, September 20, 2012

සංගීතෙ ඉගෙනගන්න පටන්ගත්තා


චුටි පුතාට හීනෙන් වගේ මතකයි දවසක් අපේ ඉංගිරිසි සාහිත්‍ය සර් කිව්වා මනුස්සයෙක් සුන්දර මනුස්සයෙක් වෙන්න ගොඩදාගන්න ඕනේ කරුණු කිහිපයක්. එකක් දෙකක් කියන්නම්කො.
  • බලියක් නොවන චිත්‍රයක් ඇඳීමේ හැකියාව
  • සරල කවියක් තේරුම් ගැනීමේ හැකියාව
  • මොකක්හරි එක සංගීත භාන්ඩයක් හෝ වැයීමේ හැකියාව
  • පිරිසක් ඉන්න තැනකදී සින්දුවක් කියන්න උනාම නොන්ඩි නොවී ගොඩ දාගැනීමේ හැකියව
  • ඇයි තව තැනේ හැටියට නර්තනය, (කොල්ලොත් එක්ක සෙට් වෙලා වෙරිමරගාතෙ මියුසිකල් වල නටන එක නෙමෙයි ඈ, එකට ඉතින් අපිට තාලයක් ඕනේ නෑනේ, දන්නැද්ද ඉතින් වෙඩිමකට එහෙම ගියාම කෙල්ලෙක් සෙට් උනාම ඩාන්ස් එකෙන් වැඩේ ගොඩදාගන්න පුළුවන්නේ. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි ඒවා පස්සේ කියන්නම්කො)
ඔන්න ඔය වගේ තව ගොඩක් දේවල් කිව්වා. ඔක්කොම මතක නෑ.
අද ඉතිං මම සංගීතේ කරන්න පටන්ගත්ත හැටි කියන්නම්, එහෙම කිව්වට පරතෙරට ගිය කෙනෙක් එහෙම නෙමෙයි ඕං. සරලවම කියනවනම් මම සංගීතෙ කියල ඉගෙනගත්තේ බටහිර සංගීතය. යම්තාක් දුරට නගරබදව ජීවත් වෙන මට බටහිර සංගීතය ඉගෙනගන්න අවශ්‍ය පහසුකම් හොඳටම තිබුන. එකෙන් ප්‍රධානම දේ තමා ඉස්කෝලෙට බටහිර සංගීත ගුරුවරියක් සීටීම.
තව ඉතිං අමතර පන්තියක් නැතුව වැඩේ ගොඩ දානවා බොරු. බොරුමත් නෙමෙයි, අමාරුයි බං. ඔල්මොස්ට් ඉම්පොසිබල්. පෙර කල කුසල් වල බලයෙන් මට ඔය දෙජාතියේම ගුරුවරු හිටියා. ඒ නිසා අමාරුවක් උනේ නෑ. චුටි පුතත් සංගීතෙට ආසා කරා.
අපේ අයිය 3 වසරේ ඉන්නකොට දවසක් මිස් කෙනෙක් එකපාරටම පන්තියට කඩාපාත් වෙලා කොල්ලොන්ව පෝලිමක් ගැස්සෙව්වලු. පොඩි උන් ටිකට බයත් හිතුනලු ඩෙන්ටල් එකටවත් එක්කන් යන්න හදනවද කියල. පොඩි කාලේ අපි අකමැතිම හා භයානකම දේ තම ඉස්කෝලේ ඩෙන්ටල් එකට යන එක. මෙන්න බොලේ මිස් කියනවලු එකා එකා ඉස්සරහට ඇවිත් ඉංගිරිසි සින්දුවක පොඩි කෑල්ලක් කියන්න කියල. මේ මොකෑ බොලවු මේ එකපාරටම සින්දු කියන්න කියන්නේ? අනිත් කොල්ලොන්ට වගේම අපේ අයියටත් හිතිලා. කොහොම කොහොම හරි අපේ එකත් සින්දුවක් කියලා,
"one little two little three little indians"
ඔන්න ඕක තමා කියල තියෙන්නේ. මූ හොඳට කිව්වයි කියන්නේ, ඉතින් ඉස්කෝලේ බටහිර සංගීතේ කරන්න තේරිලා. ටිකක් ලොකු උනාම පොර ඒකට අමතර පංතිත් ගියා. හොඳට ඉගෙනත් ගත්තා. ටික දවසකින් මමත් ගියා. ඌ යනවනම් මමත් යන්න එපැයි. එහෙම තමා ඒ දවස්වල, අයිය කොරන එක තම මමත් කොරන්නේ. එහෙමයි ඔන්න වැඩේ පටන්ගත්තේ.
උඹලට මතකද අපි පොඩිකාලේ අර නිකං ඉන්නකොට බෝලයක් දානවා, බැට් එකෙන් හයේ එව්වා ගහනවා හැබැයි සේරම හිතෙන් මවාගෙන. මට මේක කියන්න තේරෙන්නේ නෑ බං. අන්න හරී, අභිරූපන රංගන වගේ තමා.
දැන් ඉතින් හිතන්න එපා මට පිස්සු කියල. බටහිර සංගීතේ ගැන කියා කියා ඉඳල එක පාරට මේ මොන මගුලක්ද කියන්නේ නේද?
නෑ බං මේකයි සීන් කෝන් එක. අපේ අම්මලට පොඩිකාලේ ටිකක් විතර සැරට ආර්ථික අපහසුතා තිබිල තියනව. ඉතින් සංගීතේ කරන්න අසාවෙන් හිටියට ඒ වෙනුවෙන් වියදම් කරන්න මුදල් නැතිලු. ඉතින් අර මම කිව්වා විදිහට ක්‍රිකට් ගැහුවා වගේ අපේ අම්මත් හිතින් ඕගන් එකක් මවාගෙන ඒක වාදනේ කරනවලු. අප්පට හුඩු, ඕක ඇහුව දවසේ චුටි පුතාගේ පපුව කඩාගෙන ගියා. පව් අසාවෙන් ඉන්න ඇති ඉගෙනගන්න.
ඉතින් ඕක හිතට අරන් පහුවදා ඉඳල චුටි පුතා සංගීතේ හොඳට ඉගෙන ගත්ත කියල නෙමෙයි කතාව අවසන් වෙන්නේ. එහෙම උනේ නෑ බං. හැබැයි චුටි පුතා සංගීතේ නම් හොඳට ඉගෙනගත්තා.
අපේ අම්මටයි තාත්තටයි පිං. ආ අපේ ලොකු පුතාටත් පිං ඈ, සින්දුව කියල වැඩේ පටන්ගත්තට. මගේ ගුරුවරුන්ටත් පිං. අප්පේ මෙහෙමෙ ගියොත් පිං දීලම මේක දික් වෙනවා, ඔක්කොටම පිං.
උඩහ තියන පින්තුරේ ගත්තේ මෙතනිං http://scieng.library.ubc.ca/blog/singing-about-engineering-math-and-science/music-notes-scale-and-treble-clef-thumb-2/

Wednesday, September 19, 2012

මට හිතුන පලවෙනි දේ

මට හිතුන පලවෙනි දේ

දවසකට දහස් ගණනක් බ්ලොග් සටහන් දැන් අන්තර්ජාලයට එකතු වෙනවා. ඒ අතරින් එකෙක් වෙන මම අද ඉඳන් මට හිතුන දේ ලියන්න පටන්ගන්නවා.
මේක ලියන්න පටන්ගන්න විශේෂ හේතුවක් ඇත්තෙම නෑ. එකම හේතුව මට හිතෙන දේවල් යම් තැනක සටහන් කිරීමේ අදහස. කොලයක් පෑනක් අරන් ලියනවට වඩා මෙහෙම ලියන එකේ පොඩි කික් ආතල්  මෙව්වා එකකුත් තියනවා.
බ්ලොග් ලිවීම පිළිබඳ මගේ දැනුමනම් ඇත්තෙම නැති තරම්.
ලියන්න ලියන්න මගේ අඩුපාඩු හැදේවි කියල මම හිතනවා. බ්ලොග් එකේ වගේම මගේ ජීවිතෙත්.
පොඩි කාලේ අමාරුයි තමා, කෝෂයෙන් එලියට එන්න මාර ගේමක් දෙන්න ඕනේ, එත් ලස්සන සමනලයෙක් වුන දවසට හැමෝම අසාවෙන් බලන් ඉඳි.