Tuesday, October 2, 2012

හුදෙකලාව



හුදෙකලාවේ තනි වී සිටියම සිහින ආකරේක වැටුනා වාගේ නිමක් නෑ
සංගීත් විජේසුරිය ප්‍රමුඛ වායෝ සංගීත කණ්ඩායම ගායනා කරන අපි කව්රුද ගීතයෙන් කොටසක්,

හුදෙකලාව කියන දේ නම් සිහින ආකරේක වැටෙන්න අපිට උදවු වෙන හොඳම දේ කියල තමා මට හිතෙන්නේ. ලිපි කිහිපයක්ම ලියන්න හිතේ තියාගෙන හිටියත් ඔය කියන හුදෙකලාව නැතිවුනු නිසා ලියගන්ඩ බැරි උනා.
හුදෙකලා වෙන්න අපි අන් අයගෙන් ඈත් වෙන්න ඕනෙ උනාට සිහින ආකරේක වැටෙන්න නම් හුදෙකලා වෙන්නම ඕනේ නෑ. මහා සෙනගක් මැද්දේ උනත් සිහින ආකාරේට වැටෙන්න පුළුවන්. ඒ කියන්නේ හුදෙකලාවීමයි සිහින ආකරේක වැටීමයි කියන ක්‍රියා දෙක එකිනෙකින් ස්වායක්තයි වගේ. අන්‍යෝන්‍ය වශයෙන් බහිශ්කාරයිත් වගේ. මට පිස්සු වගේ.
බස් එකේ තනි අතෙන් එල්ලිලා යන වෙලාවක, ලෙක්චර් එකක් මැද්දේ, අහ්, ඇයි පාඩම් කරන වෙලාවට වගේ ඕනෙම තැනක ඔය කියන සිහින අකරේක වැටෙන්න පුළුවන්.
ඒ මොනා උනත් පොඩි කාලේ ඉඳන් මම කැමතියි ඔය වැඩේට. ඔලුවට වදදෙන හැම ආතතියකින්ම නිදහස් වෙලා මගේම කියල මනඃකල්පිත ආතල් ලෝකෙක තනියම ගිලෙන්න. හිතන්නේ සතුට දැනෙන දෙයක් ගැන නම් ඒ වෙලාව ගැන කියන්න වචන නෑ. ඒ වෙලාවට ඉතින් බාධක කරදර මොකුත් නෑනේ. අනික අපිව සතුටු කරන, අපිට ඕනෙකරන දේවල් විතරයි අපිව වටකරගෙන ඉන්නෙ. මේක කියවන ගොඩක් දෙනෙකුත් එහෙමයි කියල මම දන්නවා.
තවත් ඉතිං ගැඹුරට හිතනවානම් හුදෙකලාවෙත් ගොඩක් ප්‍රභේද තියනවා. ඒ ගැන කියන්න ගියොත් මේ පොස්ට් එක මාගලක් වේවි. කරන්න වැඩක් නැතුව කාලය ගතකරන වෙලාවක මගේ පෑන් තුඩට ගලාගෙන ආපු අදහස් ටිකක් ලියන්නයි ඔය විස්තරේ කිව්වේ.

                 මනඃකල්පිත සිතුවිලි ගොන්නකට,
ඇරයුම් කරන හුදෙකලාව,
                          තනිකම නම් හැඟුමෙන්,
     සිතත් ගතත් වේලාගන්න හුදෙකලාව,
     කටුක බැඳීම් වලින් ලෙහා,
    නිසොල්මනට බැඳදමන හුදෙකලාව,
       සොඳුරු අඳුරු අතීත මතක,
  හාරා අවුස්සන හුදෙකලාව,
  වර්තමානය ගෙවා දමා ,
සුන්දර අනාගතයකට සිහින කැන්දන හුදෙකලාව,
කාලය ප්‍රශ්න විසඳද්දී,
මාත් සමග කල්මරන හුදෙකලාව,


හුදෙකලාව, උඹ නම් මාරයි මචං 
පින්තුරේ ගත්තේ මෙතනින් - http://shaikhhashim.blogspot.com/2012/01/lonely-images.html

9 comments:

  1. හුදෙකලාව, උඹ නම් මාරයි මචං

    ReplyDelete
  2. meke nam kiyawennema aththama thama...hudakalawa kiyanne mahama maha puduma deyak..thaniwela inna welawata hithata kochcharanam dewal hithenawada..api kochchara nam dura ynawada hithin..samahara welawata un hitithanuth mathaka na heena loketa giyama..pissu wage :D Mhe post ekanam aththama aththa..wadiya wisthara karanna amarui eka onema kenekta terum ganna puluwan mokada hamoma oya hudakalawe inna asaine.math ehemai :) mokak hari gana ohe hitha hitha inna tiyanawanm ithin wena mukuth one na. chuty puthage matha walin meka thama hodama post eka.like like.right some more :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ප්‍රතිචාරයට, ජය වේවා.

      Delete
  3. like like..really true :)

    ReplyDelete
  4. ඇතුවත් බැරි නැතුවත් බැරි හුදෙකලාව.....
    මම හුදකලා වෙන්න අකමැති කෙනෙක් කිව්වොත් කෙනෙක් පුදුම වෙන්නත් පුළුවන්, මොකද හැමෝම හිතන්නේ හැම කෙනාම හුදෙකලාවට කැමති කියල, එත් මම නම් හැම වෙලේම තව කෙනෙක්ගේ උණුහුම හොයන කෙනෙක්, තනිකමට ආස නැති කෙනෙක්, නමුත් හීන මවන්න නම් ආස කෙනෙක්, ඒ හීනම තමි අපිව ඇහැරවන්නේ, ජීවත් කරවන්නේ... තව කියවන්න තිබ්බ නම් මේ ලිපිය, කියල හිතුන...

    ReplyDelete
    Replies
    1. හුදෙකලාව කියල දෙයක් මේ ලෝකේ ඇතිවෙලා තියෙන්නේ ලෝකේ පැවැත්මට ඕනේ නිසා වෙන්න ඇති, එහෙම එව්වත් තියෙන්න එපැයි, අදහසට ස්තුතියි. මාව දිරිමත් කරා වෙනද වගේම.

      Delete
  5. ඉපදුනු දා ඉඳන් අපි හැමෝම ඉන්නේ හුදකලාවෙලා.විවිධ විවිධ නම්වලින් බැඳීම් හදාගෙන ඒ හුදකලාවෙන් මිදෙන්න අපි අහිංසක වෑයමක් දරනවා.මොන තරම් බැඳීම් තිබුණත් ජීවිතයේ මොනම හරි වෙලාවක හුදකලාව අපිව හොයාගෙන එනවා..හුදකලාවට මම පෙම් බඳින්නෙත් ඕනම ප්‍රශ්නයක් අමතක කරන්න හුදකලාව උදව් කරන නිසා

    ReplyDelete