Friday, August 16, 2013
ඉක්මනට එන්න
සතියක් ගෙවුනා, ආරංචියක් නෑ තාම
තවත් නම් ඉන්න බෑ මෙහෙම
ඉන්න තැනකින් මට කතා කරනවද
එක පාරක් කටහඬ ඇහුනොත් ඒ ඇති
ගිය සතියේ මම ගියා නුගේගොඩ
පෙම් කෙලින කුරුළු ජෝඩු හැමතැනම
තදින් තුරුල්වෙලා උන්ගේම ලෝකවල
දුක හිතුන මට අපි ගැන
කවදද තනිවෙන්නේ අපි දෙන්නා
ගිනි ගහන අවුවේ එක කුඩයක් යට
මේ ටික කාලයට, නොදක්කම නොවේ
රොනින් පිරුණු තවත් මල් රේණු
ලඟින් එන නාමල් සුවඳට
බඹරු ඇදේවී, ඔයත් පරිස්සමින්
Saturday, March 30, 2013
මම දකින හන්තාන පුරහඳ
හන්තානට පායන සඳ
අදත් හරිම ලස්සනයි
අදත් හරිම ලස්සනයි
එදා නොදුටු ඒ පුරහඳ
නුඹ වගේම හරි හැඩයි
මට දැනෙනා ඒ තනිකම
නුඹට නැතිද දැනෙන්නේ
කුඩේ යටින් නුඹ යන කල
එදා මතක මැවෙන්නේ
ලතා මඩුලු අත වැනුවට
සිත නෑ එය දකින්නේ
ගුලිකරගත් මතකය ගෙන
මහවැලියයි ගලන්නේ
වෙනද වගේම අදත් මම අහස දිහා බලාගෙන කල්පනා කරනව.
හිත පාරන වේදනාව තව කොච්චර කල් මට දරාගන්න පුළුවන් වෙයිද කියල මම දන්නේ නෑ.
හන්තාන කඳුවැටියම එලිය කරගෙන පායන ඒ ලස්සන පුර හඳ
දකින්න මම ඔයාට වඩා ප්‍රමාද උනා. අද මම ඒ ලස්සන හඳ දැක්කට මගේ හිතේ වෙනදා තිබුන
සතුට අද නෑ. අවුරුද්දකින් මගේ සිදුවුණු ප්‍රමාදය ඔයාව ගොඩක් වෙනස් කරන්න සමත් උනා.
මම තවත් ඔයාගේ ජීවිතේ මැද්දට පනින්නේ නෑ. ඔයාගේ මේ සතුට මම නැති කරන්නේ නෑ. හීන්
පොද වැස්සකට ඔයා කුඩේ යටින් යනකොට මගේ හිතට ඊරිසියාවක් එක්ක මහා විශාල දුකකුත්
එනවා. ඒ ඔයා යන්නෙ තනියම නොවන නිසා. සංවේදී උන වෙලාවක ඔයාගෙයි මගෙයි අතීතය අමතක කරලා දාල
අලුත් ජීවිතයක් පටන්ගන්න කිව්වට මොන හිතකින් මම ඒක කිව්වද කියල මට හිතාගන්න බෑ. සරසවියේ
ලතා මඩුලු ඔයාට වගේම මටත් අත වනනවා කියල මට හිතෙනවා. එත් ඔයා තරම් ඉක්මනට මට වෙනස්
වෙන්න බැරිවෙයි. සමහර විට කවදාවත්ම. මහවැලියත් වෙනද වගේම ගලාගෙන යනවා. අපේ ඒ
මතකයන් මහවැලිය දිගේ ගලාගෙන යනවනම් මට මේ දුක අඩු කරගන්න පුලුවන් වෙයි. ඔයා
සතුටින් ඉන්නවනම් මට ඒ ඇති.
Subscribe to:
Posts (Atom)