Saturday, March 30, 2013

මම දකින හන්තාන පුරහඳ



හන්තානට පායන සඳ
අදත් හරිම ලස්සනයි
එදා නොදුටු ඒ පුරහඳ
නුඹ වගේම හරි හැඩයි

මට දැනෙනා ඒ තනිකම
නුඹට නැතිද දැනෙන්නේ
කුඩේ යටින් නුඹ යන කල
එදා මතක මැවෙන්නේ

ලතා මඩුලු අත වැනුවට
සිත නෑ එය දකින්නේ
ගුලිකරගත් මතකය ගෙන
මහවැලියයි ගලන්නේ

වෙනද වගේම අදත් මම අහස දිහා බලාගෙන කල්පනා කරනව. හිත පාරන වේදනාව තව කොච්චර කල් මට දරාගන්න පුළුවන් වෙයිද කියල මම දන්නේ නෑ.
හන්තාන කඳුවැටියම එලිය කරගෙන පායන ඒ ලස්සන පුර හඳ දකින්න මම ඔයාට වඩා ප්‍රමාද උනා. අද මම ඒ ලස්සන හඳ දැක්කට මගේ හිතේ වෙනදා තිබුන සතුට අද නෑ. අවුරුද්දකින් මගේ සිදුවුණු ප්‍රමාදය ඔයාව ගොඩක් වෙනස් කරන්න සමත් උනා. මම තවත් ඔයාගේ ජීවිතේ මැද්දට පනින්නේ නෑ. ඔයාගේ මේ සතුට මම නැති කරන්නේ නෑ. හීන් පොද වැස්සකට ඔයා කුඩේ යටින් යනකොට මගේ හිතට ඊරිසියාවක් එක්ක මහා විශාල දුකකුත් එනවා. ඒ ඔයා යන්නෙ තනියම නොවන නිසා. සංවේදී උන වෙලාවක ඔයාගෙයි මගෙයි අතීතය අමතක කරලා දාල අලුත් ජීවිතයක් පටන්ගන්න කිව්වට මොන හිතකින් මම ඒක කිව්වද කියල මට හිතාගන්න බෑ. සරසවියේ ලතා මඩුලු ඔයාට වගේම මටත් අත වනනවා කියල මට හිතෙනවා. එත් ඔයා තරම් ඉක්මනට මට වෙනස් වෙන්න බැරිවෙයි. සමහර විට කවදාවත්ම. මහවැලියත් වෙනද වගේම ගලාගෙන යනවා. අපේ ඒ මතකයන් මහවැලිය දිගේ ගලාගෙන යනවනම් මට මේ දුක අඩු කරගන්න පුලුවන් වෙයි. ඔයා සතුටින් ඉන්නවනම් මට ඒ ඇති.

1 comment: