Tuesday, September 25, 2012

පරම්පරා


අද කියන්න යන්නේ පරම්පරා ගැනයි. හෑ මොකක්ඔව් ඔව් පරම්පරා ගැන. අපේ සීයල ආච්චිලා ටිකෙන් ටික මේ ලෝකේ දාල යනවා. අම්මල තාත්තලආච්චිලා සීයල වෙනවා. අපේ පරම්පරාව අම්මල තාත්තල වෙනවා. ඔන්න ඔය විදිහට ඉතිං ලෝකේ ගලාගෙන යනවා.
මම අද කල්පනා කරන්නේ පරම්පරාවක් තවත් අනුයාත පරම්පරාවක් දකින විදිහ ගැනයි. මේ ලිපියමගේ පරම්පරාවෙන් මට කලින් පරම්පරාවට ගහන පොඩි කින්ඩියක් වෙන්නත් පුළුවන්. කොරන්න දෙයක් නෑචූටි පුතාට හිතෙන දේ නේ. කතාවට බහිමු,
ලොකු දෝෂාරෝපණයක් තියනවනේ අලුත් පරම්පරාව කලිසම අඳින්නේ ඉනෙන් පහලට වෙන්න කියල. ඔව්ඇත්ත තමා. මීට අවුරුදු හත අටකට කලින් ලංකාවට ආපු ස්ටයිල් එකක්. හැබැයි ඉතින් මම අද වෙනතුරු දැකල නෑ එහෙම ඇන්ද කියල කොල්ලෙක් පස්සපැත්ත එළියේ දාගෙන යනවා. මට ප්‍රශ්නේ තියෙන්නේ ඔතන නෙමෙයි. මේකට දෝෂාරෝපණය කරන පරම්පරාව ගැන. මොකද ඒගොල්ලන්ටත් කලින් පරම්පරාව ඇන්දේ සරමයි කමිසයයි. මම අහන්නේ සරල ප්‍රශ්නයක් විතරයි. ඒ ගොල්ලන්ට ඇඳුම සම්පුර්නෙන් වෙනස් කරන්න හොඳයිඅපි ඇඳුම වෙනස් නොකර පොඩ්ඩක් පහලින් ඇන්දම තමා අවුල්. ඒත් මේ ස්ටයිල් එකේ මුලාරම්භය ගැන හිතනකොටනම් මටත් ටිකක් අවුල්. ඇඳුම් පරම්පරාවක බාහිර ස්වරුපය හොඳින් විස්තර කරන හින්ද ඕක ගැන කියන්න හිතුවේ. පහලින් ලියල තියන ඒවා හිතුනේ ඔන්න ඔය කාරනේ නිසා.
අලුත් පරම්පරාව හොඳටම බැනුම් අහන තවත් තැනක් තමා කලාව. ඔව්මමත් පිලිගන්නවා සමස්ථයක් විදිහට ගත්තම ගීත වලනාට්‍ය වලවගේම චිත්‍රපටි වලත් ගුණාත්මක බව අඩුවෙලා තියනවා. ඔය කලින් පරම්පරාවේ කට්ටියගේ හොඳ චිත්‍රපටි ගොඩක් තිබ්බා. හැබැයි ඉතින් හද්දා චොර බලන්ඩ ලජ්ජා හිතෙන චිත්‍රපටිත් ඕනේ තරම් හොයාගන්න පුළුවන්. එහෙව් එකේ මේ පරම්පරාවට විතරක් බනින එක හරි නෑ නේදනිළි රැජිණ අත්ත්ටටම නිළි රැජිණක්ද කියලත් මට වෙලාවකට හිතෙනවා. මොකද ඔය නිළි රැජිණගෙත් මම කලින් කිව්වා ජාතියේ ගොන් පාට් ෆිල්ම් එමට තියනවා. එතකොට ස්වර්ණා මල්ලවආරච්චිලා කවුදවැරදියට තේරුම් ගන්න එපානිළි රැජිණට රඟපාන්න බෑ කියල එහෙම නෙමෙයි මම කිව්වේ.
මම දන්නා විදිහට ඔය කලින් පරම්පරාවෙ කට්ට්ටිය අමරදේවවික්ටර් රත්නායක මහත්වරුන්ටනන්දා මාලිනි මහත්මියට ගොඩක් ගරු කරනවා. අලුත් පරම්පරාවත් එහෙමයි. එකේ මට කිසි ගැටළුවක් නෑ. නමුත් ඉතිං ඒ කාලේ හුඟක් කැපිලි වලට ලක්වෙච්චි ගායකයෙක් තම ජෝතිපාල මහත්මයා. ගහන්න පුළුවන් හොඳම මඩ වලින් මේ ගයකයට ගැහුවා. රියැලිටි තරඟ වලදී ජෝතිපාලගේ හුඟක් ගීත ගයනා කෙරුනා. අන්න එතකොට නම් ඔය පරම්පරාවට ජෝතිපාල වටිනා මනුස්සයෙක් උනා. ප්‍රියා සූරියසේනට වුනු දේ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.
කසුන් කල්හාරභාතියසන්තුෂ්රොමේෂ් සුගතපාලඉන්දිකා උපමාලි වගේ අයගේ එක සින්දුවක් ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රචාරය වුනු දවසක් මට කියනවදමෙයාලගේ සිංදු හැම එකක්ම හොඳ නෑ තමා. එත් ඉතින් හොඳ සිංදු තියනවනේ. ඇයි අලුත් පරම්පරාවේ හොඳ දේවල් වලට තැන දෙන්නේ නැත්තේඅඩුගානේ දීපිකා ප්‍රියදර්ශනී මහත්මියගේ සින්දුවක්වත් ඕකේ යන්නේ නැනේ. හැමදාම හද්ද පරණ ග්‍රැමෆෝන් සින්දු ටික.
දැන් ඉන්න පරම්පරාවට ගීත වලින් සාහිත්‍ය රසයක් ගන්න නොතේරෙනවානම් ඇයි වික්ටර් රත්නායක මහත්මයාගේ "ස" ප්‍රසංගයට ඒ වගේම නන්දා මාලිනි මහත්මියගේ "ශ්වේත රාත්‍රිය" දවස්වලට ඒ ශාලා කොල්ලන්ගෙන් කෙල්ලන්ගෙන් පිරී ඉතිරිලා යන්නේඅතිශය පැහැදිළියිකිසිම විවාදයක් නෑ. එතන බහුතරය තරුණ පරම්පරාව. ඔය ටෝක් දෙන කලින් පරම්පරාවෙන් බහුතරය දැන් ඕව බලන්න එන්නේ නෑ. කලින් බලල තියන හින්ද වෙන්න ඇති.
අනිත් එක කලින් පරම්පරාව තේරුම් ගතයුතු දෙයක් තමා හොඳ නිර්මාණ මෙන්ම ගුණාත්මක බවෙන් අඩු නිර්මාණ වලටත් දැන් සමාජගතවෙන්න ඉස්සර වගේ අපහසුවක් නෑ කියන එක. තාක්‍ෂණය ගොඩක් දියුණු නිසා ඕනෙම දේකට මිනිස්සු අතරට යන්න පුළුවන් ලේසියෙන්ම. රැඟුම් පාලක මණ්ඩලේට මොන උනාද කියලනම් චුටි පුතා දන්නේ නෑ.
දවසක් අපේ මාම කෙනෙක් කියනවා "දැං ඉතින් තියෙන්නේ මල් සින්දු විතරනේළමයිනේ උඹල දන්නවද? ඔය ඔබ ඇපල් මලක් වගේ කිව්වටඇපල් මල හෙන කැතයිලු බොලව්". මට නම් ඒ සිංදුවෙන් තේරෙන්නේ එහෙම දෙයක් නෙමෙයි.
"ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේමට හදිස්සියෙන් වාගේ හමු වූ"
උඹලටත් තේරෙනවා ඇති මේකේ කියන්නේ කෙල්ල ඇපල් මලක් වගේ කියන එක නොවන විත්තිය. අනික ඇපල් මලක් සිංදුව ආවෙ ඔය මල් සිංදු සෙට් එක එන්න ගොඩක් කාලෙකට කලිං. ජොලිම වැඩේ තමා ඇපල් මල කැත නෑ බං. ඕනෙ නම් ගූගල් දෙයියගෙන් අහල බලන්න.


6 comments:

  1. This is very true..i agree with u...The way u have written this is really nice.please write more..am willing to read chuty puthas's matha..hehe..by the way apple mala katha na thama..lassana malak. write more...:)

    ReplyDelete
  2. mmm yes i agree with the above comment..i also lyk to read chuty puthas matha..really great ideas.please write some more chuty puthas matha. from ashen.

    ReplyDelete
  3. Replies
    1. එල, ස්තුතියි, උඹත් ලියනවා කියල ආරංචියි, ලියපන් මචං

      Delete