චුටි පුතාට හීනෙන් වගේ මතකයි දවසක් අපේ ඉංගිරිසි සාහිත්‍ය සර් කිව්වා මනුස්සයෙක් සුන්දර මනුස්සයෙක් වෙන්න ගොඩදාගන්න ඕනේ කරුණු කිහිපයක්. එකක් දෙකක් කියන්නම්කො.
- බලියක් නොවන චිත්‍රයක් ඇඳීමේ හැකියාව
- සරල කවියක් තේරුම් ගැනීමේ හැකියාව
- මොකක්හරි එක සංගීත භාන්ඩයක් හෝ වැයීමේ හැකියාව
- පිරිසක් ඉන්න තැනකදී සින්දුවක් කියන්න උනාම නොන්ඩි නොවී ගොඩ දාගැනීමේ හැකියව
- ඇයි තව තැනේ හැටියට නර්තනය, (කොල්ලොත් එක්ක සෙට් වෙලා වෙරිමරගාතෙ මියුසිකල් වල නටන එක නෙමෙයි ඈ, එකට ඉතින් අපිට තාලයක් ඕනේ නෑනේ, දන්නැද්ද ඉතින් වෙඩිමකට එහෙම ගියාම කෙල්ලෙක් සෙට් උනාම ඩාන්ස් එකෙන් වැඩේ ගොඩදාගන්න පුළුවන්නේ. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි ඒවා පස්සේ කියන්නම්කො)
ඔන්න ඔය වගේ තව ගොඩක් දේවල් කිව්වා. ඔක්කොම මතක නෑ.
අද ඉතිං මම සංගීතේ කරන්න පටන්ගත්ත හැටි කියන්නම්, එහෙම කිව්වට පරතෙරට ගිය කෙනෙක් එහෙම නෙමෙයි ඕං. සරලවම කියනවනම් මම සංගීතෙ කියල ඉගෙනගත්තේ බටහිර සංගීතය. යම්තාක් දුරට නගරබදව ජීවත් වෙන මට බටහිර සංගීතය ඉගෙනගන්න අවශ්‍ය පහසුකම් හොඳටම තිබුන. එකෙන් ප්‍රධානම දේ තමා ඉස්කෝලෙට බටහිර සංගීත ගුරුවරියක් සීටීම.
තව ඉතිං අමතර පන්තියක් නැතුව වැඩේ ගොඩ දානවා බොරු. බොරුමත් නෙමෙයි, අමාරුයි බං. ඔල්මොස්ට් ඉම්පොසිබල්. පෙර කල කුසල් වල බලයෙන් මට ඔය දෙජාතියේම ගුරුවරු හිටියා. ඒ නිසා අමාරුවක් උනේ නෑ. චුටි පුතත් සංගීතෙට ආසා කරා.
අපේ අයිය 3 වසරේ ඉන්නකොට දවසක් මිස් කෙනෙක් එකපාරටම පන්තියට කඩාපාත් වෙලා කොල්ලොන්ව පෝලිමක් ගැස්සෙව්වලු. පොඩි උන් ටිකට බයත් හිතුනලු ඩෙන්ටල් එකටවත් එක්කන් යන්න හදනවද කියල. පොඩි කාලේ අපි අකමැතිම හා භයානකම දේ තම ඉස්කෝලේ ඩෙන්ටල් එකට යන එක. මෙන්න බොලේ මිස් කියනවලු එකා එකා ඉස්සරහට ඇවිත් ඉංගිරිසි සින්දුවක පොඩි කෑල්ලක් කියන්න කියල. මේ මොකෑ බොලවු මේ එකපාරටම සින්දු කියන්න කියන්නේ? අනිත් කොල්ලොන්ට වගේම අපේ අයියටත් හිතිලා. කොහොම කොහොම හරි අපේ එකත් සින්දුවක් කියලා,
"one little two little three little indians"
ඔන්න ඕක තමා කියල තියෙන්නේ. මූ හොඳට කිව්වයි කියන්නේ, ඉතින් ඉස්කෝලේ බටහිර සංගීතේ කරන්න තේරිලා. ටිකක් ලොකු උනාම පොර ඒකට අමතර පංතිත් ගියා. හොඳට ඉගෙනත් ගත්තා. ටික දවසකින් මමත් ගියා. ඌ යනවනම් මමත් යන්න එපැයි. එහෙම තමා ඒ දවස්වල, අයිය කොරන එක තම මමත් කොරන්නේ. එහෙමයි ඔන්න වැඩේ පටන්ගත්තේ.
උඹලට මතකද අපි පොඩිකාලේ අර නිකං ඉන්නකොට බෝලයක් දානවා, බැට් එකෙන් හයේ එව්වා ගහනවා හැබැයි සේරම හිතෙන් මවාගෙන. මට මේක කියන්න තේරෙන්නේ නෑ බං. අන්න හරී, අභිරූපන රංගන වගේ තමා.
දැන් ඉතින් හිතන්න එපා මට පිස්සු කියල. බටහිර සංගීතේ ගැන කියා කියා ඉඳල එක පාරට මේ මොන මගුලක්ද කියන්නේ නේද?
නෑ බං මේකයි සීන් කෝන් එක. අපේ අම්මලට පොඩිකාලේ ටිකක් විතර සැරට ආර්ථික අපහසුතා තිබිල තියනව. ඉතින් සංගීතේ කරන්න අසාවෙන් හිටියට ඒ වෙනුවෙන් වියදම් කරන්න මුදල් නැතිලු. ඉතින් අර මම කිව්වා විදිහට ක්‍රිකට් ගැහුවා වගේ අපේ අම්මත් හිතින් ඕගන් එකක් මවාගෙන ඒක වාදනේ කරනවලු. අප්පට හුඩු, ඕක ඇහුව දවසේ චුටි පුතාගේ පපුව කඩාගෙන ගියා. පව් අසාවෙන් ඉන්න ඇති ඉගෙනගන්න.
ඉතින් ඕක හිතට අරන් පහුවදා ඉඳල චුටි පුතා සංගීතේ හොඳට ඉගෙන ගත්ත කියල නෙමෙයි කතාව අවසන් වෙන්නේ. එහෙම උනේ නෑ බං. හැබැයි චුටි පුතා සංගීතේ නම් හොඳට ඉගෙනගත්තා.
අපේ අම්මටයි තාත්තටයි පිං. ආ අපේ ලොකු පුතාටත් පිං ඈ, සින්දුව කියල වැඩේ පටන්ගත්තට. මගේ ගුරුවරුන්ටත් පිං. අප්පේ මෙහෙමෙ ගියොත් පිං දීලම මේක දික් වෙනවා, ඔක්කොටම පිං.
උඩහ තියන පින්තුරේ ගත්තේ මෙතනිං http://scieng.library.ubc.ca/blog/singing-about-engineering-math-and-science/music-notes-scale-and-treble-clef-thumb-2/

කතාව දුන්නු මානියාට ස්තුතියි, උදවු වලටත් ස්තුතියි මචං.
ReplyDeleteහ්ම්ම්ම්.... මේක කියවද්දි මට මතක් වුනේ මගේ කතාව, මම සංගීතෙ ඉගෙන ගත්තු හැටි, සංගීතෙට ආස කරපු හැටි, ආස කරන හැටි.... ඊට කලින් අලුත් බ්ලොග් එකක් හා හාපුරා පටන් ගත්ත චුටි පුතාට විශ් කරන්න එපැයි. මචං එලම එල ආහ්... සත්තයි ඇස්වහක් කටවහක් නැහැ ලස්සනට ලියල තියෙනවා, මම කිව්වේ මේ රචනා විලාශය, තව ලියපන් චුටි, අපි බලන් ඉන්නවා....
ReplyDeleteඑළකිරි අයියා, උඹේ උදවු මට හම්බෙන බව මම දන්නවා, ස්තුතියි
Deletegood one...nice thoughts...:) :D...:) Write more really nice the way u have written it.:)
ReplyDeletethank you very much,,,
Deletenice set of words machan. luks like u've got talent.keep it up :)
ReplyDeletethank you lokka, ela.
Delete